Friday, March 29, 2024

General line - 0115112241

දින කිහිපයක් රිවස්ටන් මාර්ගය වසා තැබේ - රිවස්ටන් එන ජනතාවට විකල්ප මාර්ගය ගැනත් දැනුවත් කරයි

ඉන්දික අරුණ කුමාර




රිවස්ටන් කදු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස මේ මස 25 වැනිදා සිට ලබන මස 05 වැනි දා දක්වා අදියර දෙකක් යටතේ වසා තැබෙන බව මාතලේ මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.

මාතලේ ඉළුක්කුඹුර ලග්ගල මාර්ගයේ රිවස්ටන් කදු මුදුනේ සිට පිටවල පතන දක්වා කාපට් අතුරා මාර්ගය සංවර්ධනය කිරීම එයට හේතුවයි.

ඒ අනුව 2019-03-25 සිට 2019-03-29 දක්වා ද 2019-04-01 සිට 2019-04-05 දක්වා ද මෙම මාර්ග වසා තැබීම සිදුවෙනු ඇති.

අදාල දිනයන් හිදී රිවස්ටන් හා පිටවල පතන නැරඹිම සඳහා පැමිණෙන යතුරුපැදි ඇතුළු සියළුම රථ වාහනවලට ඇතුළුවිය නොහැකි බව ද මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ මාතලේ විධායක ඉංජිනේරුවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව අදාල දිනයන් හිදී රිවස්ටන් මාර්ගය භාවිතා නොකර විකල්ප මාර්ග ලෙස ලග්ගල නාඋල මාතලේ මාර්ගය භාවිතා කරන ලෙස රිවස්ටන් නැරඹිම සඳහා පැමිණෙන සංචාරකයින්ට දන්වා සිටිනවා.