Friday, March 29, 2024

General line - 0115112241

විදුලි කප්පාදු කාලසටහන හෙට සිට ක්‍රියාත්මකයි

කසුන් කැළුම්/දිල්ශාන් තුෂාර




හෙට (25) සිට විදුලි කප්පාදුවක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ජල විදුලි බලාගාර ආශී‍්‍රත ජලාශවලට ප‍්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් ජල විදුලි උත්පාදනයට බාධා එල්ල වී ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ. වියළි කාලගුණයත් සමග විදුලි ඉල්ලුම ද ඉහළ යාම නිසා විදුලි සැපයුම අත්හිටුවීමේ කාලසටහනක් ද එම මණ්ඩලය විසින් හඳුන්වා දී තිබෙනවා. 

ඒ අනුව,

හෙට (25) උදෑසන 08.30 සිට උදෑසන 11.30 දක්වා.

උදෑසන 11.30 සිට පස්වරු 02.30 දක්වා.

පස්වරු 02.30 සිට පස්වරු 05.30 දක්වා,

පස්වරු 06.30 සිට රාතී‍්‍ර 07.30 දක්වා.

රාතී‍්‍ර 07.30 සිට රාතී‍්‍ර 08.30 දක්වා හෝ රාත්‍රි 08.30 සිට රාතී‍්‍ර 09.30 දක්වා.

මෙම කාලසටහන අනුව ප‍්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටු වෙනු ඇති බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ.

පවතින විදුලි ඉල්ලූමට සරිලන විදුලි බලාගාර 2014 වසරින් පසු ඉදි නොවීම හේතුවෙන් රට තුළ විදුලි අර්බුදයක් උද්ගත වී ඇති බවයි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පැවසුවේ. එහි සභාපති සෞම්‍ය කුමාර මේ බව සඳහන් කළා.

ජල විදුලි බලාගාර ආශ‍්‍රිතව ජල පෝෂක ප‍්‍රදේශවල කෘතිම වැසි ඇති කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් ඉකුත් දා අත්හදා බැලීමක් සිදු කළද, එහි සාර්ථක ප‍්‍රතිපලයක් මෙතෙක් ලැබී නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.