Friday, April 26, 2024

General line - 0115112241

විල්පත්තුවේ මතය ගැන දැනට තියෙන ප්‍රබල කරුණක් හිටපු ඇමතිවරයෙක් මතුකරයි

කසුන් කැළුම්/දිල්ශාන් තුෂාර




විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුව සොයා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා පවසනවා.

විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (23) සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් මන්තී‍්‍රවරයා එම අදහස් පළ කළා. 

ජනාධිපතිවරයා ඊයේ සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම අදහස් පළ කළා. එහිදී ඔහු සඳහන් කළේ "ඔය ජනාවාස ඉදිකිරීමට.. ඔය සිද්ධිය සම්බන්ධව කිසිම ඉඩමක් ඉල්ලන්න.. කිසිම ඉල්ලීමක් ඇවිල්ලත් නෑ.. බිම් අඟලක්වත් දීලත් නෑ.  එදා කැපුවට වඩා එක ගහක්වත් වැඩිපුර කපලත් නෑ." යනුවෙනි.