Thursday, March 28, 2024

General line - 0115112241

තායිලන්ත මහමැතිවරණය අදයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තායිලන්ත මහමැතිවරණය අද (24) පැවැත්වෙනවා. 2014 වසරේ සිදුවූ හමුදා කුමන්ත‍්‍රණයෙන් අනතුරුව තායිලන්තයේ පැවැත්වෙන පළමු මැතිවරණය ද මෙයයි. රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් අනතුරුව මැතිවරණයක් පවත්වන බවට හමුදා පාලකයින් පොරොන්දු වුනත්, අවස්ථා කිහිපයකදීම මැතිවරණය කල් දැමුණා.

අද පැවැත්වෙන මහ මැතිවරණයෙන් රට තුළ යළිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වන බවයි හමුදාව පවසන්නේ. එහෙත් නව ව්‍යවස්ථාව හමුවේ හමුදා බලය යළිත් රට තුළ කි‍්‍රයාත්මක වනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් පවසනවා.