Thursday, April 25, 2024

General line - 0115112241

වව්නියාවේ බුදු පිළිමයකට හා දාගැබකට හානි කරමින් නිධන් හෑරු පිරිසක් අත්අඩංගුවට (PHOTOS)

දිනසේන රතුගමගේ - වවුනියාව




වව්නියාව නැදුන්කේනි ප‍්‍රදේශයේ බුද්ධ ප‍්‍රතිමාවකට හා පැරණි දාගැබකට හානි කරමින් නිධන් හෑරු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ බැකෝ යන්ත‍්‍රයක් උපයෝගී කර ගනිමින් සැකකරුවන් දාගැබ හාරා ඇති බවයි.

කිරි ගරුඬ බුද්ධ ප‍්‍රතිමාවක්, පැරණි දාගැබක කොත් කැරැල්ලක්, මැටි පහන් ඇතුළු පෞරාණික වටිනාකමිකින් යුත් තවත් භාණ්ඩ ඔවුන් සතුව තිබී සොයාගත් බව පොලිසිය සඳහන් කළා. සොයාගත් පුරාවස්තු සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.