Thursday, April 18, 2024

General line - 0115112241

ලසිත් මාලිංග පන්දුවාර 20 වාර්තාවක් අභියස

තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකා පන්දුවාර 20 ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට අද තවත් ක‍්‍රිකට් වාර්තාවක් බිහි කිරීමට අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ, අද පැවැත්වෙන ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකා පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයේදීයි. දකුණු අප‍්‍රිකාවේ සුප‍්‍රකට වොන්ඩර්ස් ක‍්‍රීඩාංගණයේදී තරගය පැවැත්වෙනවා. 

එම ක‍්‍රීඩාංගණයේ පන්දුවාර 20 තරගවල වැඩිම කඩුලූ සංඛ්‍යාවක් බිඳ හෙළු ක‍්‍රීඩකයා බවට පත්වීමට මාලිංගට තවත් අවශ්‍ය වන්නේ එක් කඩුල්ලක් පමණයි. මේ වනවිට කඩුලූ 07 බැගින් දවා ගනිමින් ලසිත් මාලිංග සමඟ අබ්දුල් රසාක්, ඩැනියෙල් විටෝරි සහ ශකීබ් අල් හසන් සම ස්ථානයේ පසුවනවා. 

මේ අතර ජාත්‍යන්තර විස්සයි 20 තරග ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගෙන ෂහිඩ් අෆ්රිඩි ගේ වාර්තාව පසුකර යාමට ලසිත් මාලිංග හට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු දෙකක් පමණි. 

අෆ්රිඩි විස්සයි 20 තරග 99 කදී කඩුලු 98ක් දවා ගෙන සිටින අතර මාලිංග තරග 72කදී කඩුලු 97ක් දවා ගෙන එම වාර්තාව අභියසට පැමිණ සිටිනවා.