Thursday, April 25, 2024

General line - 0115112241

බිග් මැච් සමයේ නීති කඩන පුද්ගලයින්ට එරෙහිව මහනුවර පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්

ජේ ඒ එල් ජයසිංහ - මහනුවර




වාර්ෂික ක‍්‍රිකට් තරග සමයේ මහනුවර නගරය සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල නීති විරෝධීව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සූදානම් වනවා. ඒ, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි. 

ඒ අනුව ක‍්‍රිකට් තරග සමයේ මහා මාර්ගවල රථ වාහන ගමනාගමනයට බාධා කරන පුද්ගලයින් සහ ජනතාවට පීඩා වන අයුරින් රථ වාහන සහ යතුරුපැදි ධාවනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගනු ඇති. මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර ජංගම මුර සංචාර ද සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.