Friday, April 19, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව ගැන වැරදි පුවත් පළවෙයි




හෙට (25) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි කප්පාදුව පිලිබදව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන තොරතුරු නිවැරදි භාවයකින් තොර බවට විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරනවා. 

එහි ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ අදියර දෙකක් යටතේ හෙට සිට විදුලිය කප්පාදු කිරීමට ගනු ලැබූ තීරණය නිවැරදි වුවත් ඒ සඳහා වන ප්‍රදේශ පිළිබඳව අවසන් තීරණය හෙට දිනයේදී ගැනීමට නියමිතව ඇති බවයි. කෙසේ වුවත් ෆේස්බුක් හා වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින විදුලි කප්පාදුව පිලිබදව දැක්වෙන ප්‍රදේශ ඇතුලත් වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

විදුලිය කප්පාදු කිරීමේ කාල සටහන හා එයට ඇතුලත් ප්‍රදේශ පිලිබදව හෙට දිනයේදී මහජනතාවට මාධ්‍ය ඔස්සේ දැනුම් දීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ජල විදුලි බලාගාර ආශී‍්‍රත ජලාශවලට ප‍්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් ජල විදුලි උත්පාදනයට බාධා එල්ල වී ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ. වියළි කාලගුණයත් සමග විදුලි ඉල්ලුම ද ඉහළ යාම නිසා විදුලි සැපයුම අත්හිටුවීමේ කාලසටහනක් ද එම මණ්ඩලය විසින් හඳුන්වා දී තිබෙනවා. 

ඒ අනුව,

හෙට උදෑසන 08.30 සිට උදෑසන 11.30 දක්වා.

උදෑසන 11.30 සිට පස්වරු 02.30 දක්වා.

පස්වරු 02.30 සිට පස්වරු 05.30 දක්වා,

පස්වරු 06.30 සිට රාතී‍්‍ර 07.30 දක්වා.

රාතී‍්‍ර 07.30 සිට රාතී‍්‍ර 08.30 දක්වා හෝ රාත්‍රි 08.30 සිට රාතී‍්‍ර 09.30 දක්වා.