Tuesday, April 23, 2024

General line - 0115112241

සුදු අලි වූ ව්‍යාපෘති ගොඩගත් හැටි අගමැති හම්බන්තොටදී කියයි

ලහිරු කපුගේ




සුදු අලි බවට පත්ව තිබූ ව්‍යාපෘති ගණනාවක් යහපාලන රජයේ ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් පෙරහැරේ යන අලි බවට පත්ව ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (24) ප‍්‍රකාශ කළා. ඒ, හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමෙන් පසු උත්සව සභාව අමතමින්. 

මත්තල ගුවන් තොටුපලේ ඉදිරි ආයෝජනය සම්බන්ධයෙන් ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. 

හම්බන්තොට මෙම තෙල් පිරිපහදු සංකීර්ණය සම්බන්ධයෙන් ඉකුත් දිනවල දැඩි කතාබහක් මතු වුණා. ඒ, අදාළ ව්‍යාපෘතියට  ඕමාන් රජයේ ඇති සම්බන්ධය පිළිබඳ මතු වූ ගැටළුවක් හේතුවෙන්. ඇතැම් වාර්තාවල දැක්වුණේ ශ‍්‍රී ලංකාව සමඟ තෙල් පිරිපහදු ව්‍යාපෘතියකට සම්බන්ධ නොවන බව  ඕමාන රජය පවා ප‍්‍රකාශ කර තිබු බවයි. එහෙත් අද පැවති උත්සවයට  ඕමාන් රජයේ තෙල් සහ ගෑස් පිළිබඳ අමාත්‍ය, ආචාර්ය මොහොමඞ් බින් හමාඞ් ද එක්ව සිටීම විශේෂත්වයක්.