Saturday, April 20, 2024

General line - 0115112241

විදුලි කප්පාදුවට අනුමැතිය නොගත් බව මහජන උපයෝගීතා කොමිසම කියයි (UPDATE)

ප‍්‍රගීත් ජානක / තරංග රුක්ෂාන් ජයසේකර




හෙට (25) සිට සිදු කරන විදුලි කප්පාදුවට තම අනුමැතිය ලබාදී නොමැති බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ සැලසුම් සහගත විදුලි අත්හිටුවීමක දී ඒ පිළිබඳ තම කොමිසන් සභාව දැනුවත් කළ යුතු බවයි. මෙතෙක් සිදු වූ විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් දන්වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කළද මේ දක්වා ඊට ප‍්‍රතිචාර නොලැබුණු බවයි ඔහු පැවසුවේ. 

මේ අතර හෙට සිට සිදු කරන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මෙලෙස අදහස් පළ කළා. 

ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් ද විදුලි කප්පාදුව සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. 

හෙට සිට උදෑසන 08 යි 30 සිට උදෑසන 11 යි 30 දක්වාත්, උදෑසන 11 30 සිට පස්වරු 02 යි 30 දක්වාත් ප‍්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටුවන බව ලංකා විදුලිබල මණ්ඩලය අද ප‍්‍රකාශ කළා. 

එමෙන්ම පස්වරු 02 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වාත්, පස්වරු 06 යි 30 සිට රාතී‍්‍ර 07 යි 30 දක්වාත්, රාතී‍්‍ර 07 යි 30 සිට රාතී‍්‍ර 08 යි 30 දක්වා හෝ රාතී‍්‍ර 08 යි 30 සිට රාතී‍්‍ර 09 යි 30 දක්වාත් තවත් ප‍්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටවනු ඇති. 

කෙසේවෙතත් සෙනසුරාදා දිනවල දී විදුලිය විසන්ධි කරන්නේ පැය 02යි විනාඩි 15ක කාලයක් බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ. ඒ අනුව උදෑසන 08යි 30 සිට 10යි 45 දක්වාත්, පෙරවරු 10යි 45 සිට පස්වරු 01 දක්වාත්, පස්වරු 01 සිට සවස 03යි 15 දක්වාත්, පස්වරු 03යි 15 සිට පස්වරු 05යි 30 දක්වාත් එලෙස විදුලි සැපයුම අත්හිටවනු ඇති.     

කෙසේවෙතත් ඉරිදා දිනයේ දී විදුලිය විසන්ධි නොකිරීමටයි තීරණය කර ඇත්තේ.         

..............................................................

සති අන්තයේ විදුලිය කපන්න අලූත් කාල සටහනක්

(24-03-2019 18:47)

හෙට (25) සිට සිදු කරන විදුලි කප්පාදුව හේතුවෙන් පාසල් දරුවන් මෙන්ම මෙරට ව්‍යාපාරික ප‍්‍රජාවට ද දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටියේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

වත්මන් විදුලිබල අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ද අදහස් පළ කළා. 

හෙට උදෑසන 08 යි 30 සිට උදෑසන 11 යි 30 දක්වාත්, උදෑසන 11 30 සිට පස්වරු 02 යි 30 දක්වාත් ප‍්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටුවන බව ලංකා විදුලිබල මණ්ඩලය අද ප‍්‍රකාශ කළා. එමෙන්ම පස්වරු 02 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වාත්, පස්වරු 06 යි 30 සිට රාතී‍්‍ර 07 යි 30 දක්වාත්, රාතී‍්‍ර 07 යි 30 සිට රාතී‍්‍ර 08 යි 30 දක්වා හෝ රාතී‍්‍ර 08 යි 30 සිට රාතී‍්‍ර 09 යි 30 දක්වාත් තවත් ප‍්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටවනු ඇති. 

කෙසේවෙතත් සෙනසුරාදා දිනවල දී විදුලිය විසන්ධි කරන්නේ පැය 02යි විනාඩි 15ක කාලයක් බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ. ඒ අනුව උදෑසන 08යි 30 සිට 10යි 45 දක්වාත්, පෙරවරු 10යි 45 සිට පස්වරු 01 දක්වාත්, පස්වරු 01 සිට සවස 03යි 15 දක්වාත්, පස්වරු 03යි 15 සිට පස්වරු 05යි 30 දක්වාත් එලෙස විදුලි සැපයුම අත්හිටවනු ඇති.     

කෙසේවෙතත් ඉරිදා දිනයේ දී විදුලිය විසන්ධි නොකිරීමටයි තීරණය කර ඇත්තේ.