Thursday, April 18, 2024

General line - 0115112241

අවසන් පන්දුවාර 20 තරගයේදී ශ‍්‍රී ලංකාවට ලකුණු 199ක ඉලක්කයක්

තරංග රුක්ෂාන් ජයසේකර




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන 03 වන සහ අවසන් පන්දුවාර 20 තරගයේ දී ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 02කට ලකුණු 198ක් රැස් කළා. එහිදී විශිෂ්ට ඉණිමක් ක‍්‍රීඩා කළ ඞ්වේන් පෙටෝරියස් පන්දු 42ක දී නොදැවී ලකුණු 77ක් රැස් කිරීමට සමත් වුණා. රීසා හෙන්ඩි‍්‍රක්ස් පන්දු 52ක දී ලකුණු 66යි. 

අවසන් පන්දුවාර කිහිපයේ වේගවත් පිතිහරඹයක නිරත වූ නායක ජේ පී ඩුමිනි පන්දුවාර 14ක දී හයේ පහර 03ක් සමඟ ලකුණු 34ක් රැස් කළා. ධනංජය ද සිල්වා හැර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සෙසු පන්දු යවන්නන් සියලූ දෙනා අද දැඩි ප‍්‍රහාරයකට ලක් වූ අතර තිසර පෙරේරා පන්දු යැවීමට යොදා නොගැනීමට නායක ලසිත් මාලිංග තීරණය කිරීම ද විශේෂත්වයක්. 

ලකුණු 199ක ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 3ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 29ක් ලබාගෙන සිටියා.

.................................................

කුසල් වෙනුවට සුරංග කණ්ඩායමට : ශ‍්‍රී ලංකාව පන්දුව අතට ගනියි

(24-03-2019 19:04)

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර 03 වන සහ අවසන් පන්දුවාර 20යි 20 තරගය මේ වනවිට පැවැත්වෙනවා. ඒ, වොන්ඩර්ස් ක‍්‍රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
 අද තරගයේ දී කුසල් මෙන්ඩිස් වෙනුවට සුරංග ලක්මාල් ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. එමෙන්ම මෙම තරගයේ දී ලසිත් මාලිංග තවත් කඩුලූ 02ක් දවා ගතහොත් පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලූ සංඛ්‍යාවක් බිඳ හෙළු පන්දු යවන්නන්ගේ ලෝක වාර්තාව බිහි කිරීමට ද අවස්ථාවක් උදා වී තිබීම විශේෂත්වයක්. එක් කඩුල්ලක් දවා ගතහොත් අද තරගය පැවැත්වෙන වොන්ඩර්ස් ක‍්‍රීඩාංගණයේ පන්දුවාර ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලූ සංඛ්‍යාවක් බිඳ හෙළු ක‍්‍රීඩකයා බවට පත්වීමට ද ඔහුට අවස්ථාවක් පවතිනවා. 

ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන දකුණු අප‍්‍රිකාව මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 13ක් අවසානයේ එක් කඩුල්ලක පමණක් දැවී ලකුණු 110ක් රැස්කර ගෙන සිටියා. 

තරග 03කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය දැනටමත් දෙකට බිංදුවක් ලෙස දකුණු අප‍්‍රිකාව ජයගෙන අවසන්.