Tuesday, April 23, 2024

General line - 0115112241

අග‍්‍රාමාත්‍යවරයාගේ චෝදනාවලට විපක්ෂ නායකවරයාගෙන් උත්තර

තරංග රුක්ෂාන් ජයසේකර




හම්බන්තොට මිරිජ්ජවිල අද (24) පැවති උත්සවය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා. ඒ, ගම්පොල පැවති උත්සවයකදීයි. 

අද හම්බන්තොට ගිහිල්ලා කියනවා යාල ඉන්නවලු වල් අලි හම්බන්තොට ඉන්නවලු සුදු අලි. කව්ද කියන්නේ අගමැතිතුමා. අවුරුදු 4ක් කිසිදු වැඩක් නොකර ඉදලා දැන් එක් වරම නින්දෙන් නැගිට්ටා වගේ තෙල් පිරිපහදු හදන්න මුල් ගල් තියෙනවා. මම දන්නේ නැහැ කොයි තරම් කාලයක් යාවිද කියලා ඕක හදන්න. මේ තරම් දවසක් එයාලා විවෘත කලේ අපි හදපු දේවල් බව මම මේ අවස්ථාවේදී කියන්න කැමති, විපක්ෂ නායකවරයා කියා සිටියා.

හෙට සිට සිදු කෙරෙන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ද විපක්ෂ නායකරවරයා අදහස් පළ කළා. 

අද මේ ප්‍රදේශයේ විදුලි බලය ගැන කතා කරනවා. අපේ ආණ්ඩුව කාලේදී පහුගිය දවස් වෙනකම් විදුලිය දුන්නා. යුද්දේ කාලෙදිත් විදුලිය දුන්නා. බැනුම් අහ අහා නොරොච්චෝලේ හැදුවා. එහෙම  හැදුවේ නැත්නම් අද වෙනකොට විදුලිය දෙන්න විදිහක් නැහැ. විගණකාධිපතිවරයා පවා ප්‍රකාශ කරනවා අපි වියදම් කර මුදලට වඩා දහගුණයක් අද ලාභ ලබලා තියෙනවා කියලා. විදුලියවත් සපය ගන්න බැරි ආණ්ඩුවක් මේක.