Saturday, April 20, 2024

General line - 0115112241

මුල්පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වයෙන් දකුණු අප්‍රිකාවට යළිත් ජයක්




ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී ඊයේ (24) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගයේදීත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 45 ක ජයක් වාර්තා කළා.

මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 3-0 ක ජයක් දකුණු අප්‍රිකානු පිලට හිමිවුණා. 

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 198 ක් ලබාගත්තා. 

ලකුණු 199ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 110ක් ලබා සිටි අවස්ථාවේදී තරඟයට වැස්සෙන් බාධා ඇති වුණා.. වර්ෂාව නිසා ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ඕවර 17 කදී ලකුණු 183 ක් ලෙස සංශෝධනය කෙරුණා. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 137 ක් පමණයි. 

මෙම තරගයේදීත් ඉසුරු උදාන හුදකලා සටනක නිරත වුවද ඔහුටද සාර්ථක වීමට අවස්ථාවක් උදා වුණේ නෑ. ඉසුරු උදාන ඊයේ තරගයේදී ද වේගවත් ලකුණු 36ක් රැස් කළා.