Thursday, March 28, 2024

General line - 0115112241

තායිලන්ත මහමැතිවරණයෙන් ‘‘ප‍්‍රචා රාත්’’ පක්ෂයට අනපේක්ෂිත ජයග‍්‍රහණයක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තායිලන්ත මහමැතිවරණයෙන් එරට හමුදා හිතවාදී ‘‘ප‍්‍රචාරාත්’’ පක්ෂය ජය ලබා තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ වසර 05කින් පමණ පසු තායිලන්තයේ පැවැති පළමු ප‍්‍රජාතාන්ති‍්‍රක මැතිවරණයෙන් ‘‘ප‍්‍රචාරාත්’’ පක්ෂය අනපේක්ෂිත ජයග‍්‍රහණයක් හිමි කර ගෙන ඇති බවයි.

මේ වනවිට නිකුත් කර ඇති ඡන්ද ප‍්‍රතිපලවලට අනුව ‘‘ප‍්‍රචාරාත්’’ පක්ෂය ඡන්ද මිලියන 7.6ක් හිමිකර ගෙන සිටිනවා. ප‍්‍රතිවිරුද්ධ ‘‘පියු තායි’’ පක්ෂයට වඩා ‘‘ප‍්‍රචාරාත්’’ පක්ෂය ඡන්ද ලක්ෂ 05කින් පමණ ඉදිරියෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

හිටපු ජනාධිපති තක්ෂින් ෂිනවත‍්‍රාගේ නායකත්වයෙන් යුත් ‘‘පියු තායි’’ පක්ෂය 2011 වසරේ සිට අඛණ්ඩව මැතිවරණ ජයග‍්‍රහණ හිමි කර ගත්තා. එරට හමුදාව කුමන්ත‍්‍රණයකින් තායිලන්තයේ බලය අත්පත් කර ගත්තේ 2014 වසරේදීයි.

එහෙත් තායි වැසියන් මේ වනවිට හමුදා පාලනය පිළිගන්නා බැවින් 2018 වසරේ ස්ථාපිත කළ හමුදා සහය සහිත ‘‘ප‍්‍රචාරාත්’’ පක්ෂයට පාලන බලතල හිමිව ඇති බව ජාත්‍යන්තර විචාරකයින්ගේ මතයයි. ඊයේ පැවැති තායිලන්ත මහමැතිවරණයේ අවසන් ප‍්‍රතිපල අද (25) පස්වරුවේ නිකුත් කිරීමට නියමිතයි.