Friday, April 19, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව සිදු කරන කාල සටහන නිකුත් කෙරේ

දිනුක් හේවාවිතාරණ / කසුන් කැලුම්




විදුලි කප්පාදුව සිදු කරන ප‍්‍රදේශ සහ වේලාවන් විදුලිබල මණ්ඩලය විසින් අද (25) ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා. සතියේ දිනයන් සහ සෙනසුරාදා දින විදුලි සැපයුම අත්හිටවන අතර ඉරිදා දින විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ. 

ඒ අනුව උදෑසන සහ දහවල් කාලයේ පැය 03ක සහ රාත‍්‍රී කාලයේ පැයක කාලයක් ද විදුලි සැපයුම අත්හිටවනු ඇති. 

සතියේ දිනවල උදෑසන 08යි 30ත් - 11යි 30ත් අතරත්, උදෑසන 11යි 30ත් - පස්වරු 02යි 30ත් අතරත් සහ පස්වරු 02යි 30ත් - 05යි 30ත් අතරත් විදුලි සැපයුම අත්හිටවනු ඇති. සතියේ දිනවල සවස 06 සිට රාත‍්‍රී 07 දක්වාත්, රාත‍්‍රී 7 සිට රාත‍්‍රී 08 දක්වාත්, රාත‍්‍රී 08 සිට රාත‍්‍රී 09 දක්වා සහ රාත‍්‍රී 09 සිට රාත‍්‍රී 10 දක්වාත් විදුලි සැපයුම අත්හිටුවන බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ. 

මේ අතර පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක කොටිකාවත්ත ප‍්‍රදේශයේ දී අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලූමද සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. 

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් උදැසන 8 සිට රාත්‍රී 10 දක්වා කාලය තුලදී අනවශ්‍ය විදුලි පහන් ආදිය නිවා දමන ලෙස විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටි.

විදුලි කප්පාදුව සිදුකරන කාලය හා වේලාවන් පිලිබදව පහතින් දැක්වේ.

https://www.ceb.lk/Load_shedding_2019.pdf