Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ, ගම්පහ සහ මන්නාරමට හෙට උණුසුම වැඩි වෙයි




කොළඹ, ගම්පහ, මන්නාරම යන දිස්ත‍්‍රික්කවලට සහ වයඹ පළාතට උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

හෙට (26) දිනයේ එම දිස්ත‍්‍රික්ක 03 සහ වයඹ පළාතට වැඩි උණුසුමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ පිළිබඳ එම ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.