Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ රුමේනියාවට ගොඩබායි




ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාව බලා එමින් තිබු ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යුඑල් 504 දරන ගුවන් යානය හදිසියේ රුමේනියාවේ බුකරස්ට් ගුවන් තොටුපලට ගොඩබා තිබෙනවා. ඒ ගුවන් යානයේ ගමන් කරමින් සිටි මගියෙකුට හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.

ගුවන් යානය බුකරස්ට් ගුවන් තොටුපලට ගොඩ බෑමෙන් අනතුරුව ගුවන් තොටුපලේ වෛද්‍යවරුන් පැමිණ රෝගියාට ප්‍රතිකාර ලබා දී ඇති අතර වකුගඩු රෝගයෙන් පෙලෙන බවට සැකකරෙන රෝගියාගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරි ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සදහන් කරන්නේ.

මේ හේතුවෙන් ගුවන් යානයේ සිටි මගින් 195 දෙනෙක් මේ වන විට බුකරස්ට් හි හෝටලයක නවාතැන් පහසුකම් සපයා දී ඇති අතර ජාත්‍යන්තර ගුවන් ගමන් නීති ප්‍රකාරව යානයේ ඉංජිනේරු හා තාක්ෂණික සහතිකය සහ ඉන්ධන ආදිය සපයා දීමෙන් අනතුරුව යලි හැකි ඉක්මනින් එම යානය ශ්‍රී ලංකාව බලා ඒමට නියමිත බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.