Thursday, April 25, 2024

General line - 0115112241

අශ්වින්ගේ දවාගැනීමක් නිසා ක්‍රිකට් ක්ෂේත්‍රය උණුසුම් වෙයි (PHOTOS) (VIDEO)

දිනුක් හේවාවිතාරණ




ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (25) පැවති රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් IX පන්ජාබ් කණ්ඩායම් අතර තරගයේ සිදුවු සිදුවිමක් හේතුවෙන් දැඩි කතාබහක් නිර්මාණය වි තිබෙනවා.

ඒ රාජස්ථාන් රෝයල් කණ්ඩායම නියෝජනය කරනු ලබන එංගලන්ත ක්‍රිඩක ජොස් බට්ලර්ව රවිචන්ද්‍රන් අශ්වින් විසින් "මැන්කැඩ්" ක්‍රමයට දවා ගැනිම හේතුවෙන්. 

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ මැන්කඩ් ක්‍රමයට ක්‍රීඩකයෙකු දවාගත් පළමු අවස්ථාව ලෙසද මෙම අවස්ථාව සැලකෙනවා. 

ලකුණු 185 ක ඉලක්කයක් හඹා යමින් සිටි රාජස්ථාන් රෝයල් කණ්ඩායම ඒ වන විට එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 108ක් ලබා ගෙන සිටියා.

ඒ වන විට පන්දු යවමින් සිටි කිංග්ස් XI කණ්ඩායමේ නායක රවිචන්ද්‍රන් අශ්වින් පන්දු යැවිමට දිව එනවාත් සමග එම අන්තයේ රැදි සිටි ජොස් බට්ලර් ක්‍රමක් ක්‍රමයෙන් සිය සිමාවෙන් ඉදිරියට යන අයුරු දුටු අශ්වින් එක්වර කඩුල්ල බිද දමනවා වෙනුවට මදක් නැවති හිද කඩුල්ලේ බේල්සයක් ඉවත් කරනු ලැබු අතර විනිසිරුවරයා විසින් එය දැවි යාමක් ලෙස සංඥා කරනු ලැබුවා.

"මෑන්කැඩ්" ක්‍රමයට පිතිකරුවෙක් දවා ගැනිමට නීති සම්පාදනය කර තිබුනත් මහත්වරුන්ගේ ක්‍රිඩාවක් ලෙසට ක්‍රිකට් ක්‍රිඩාවේ ජීවගුණය ආරක්ෂා කිරිම උදෙසා පිතිකරුවෙක් අතින් එවැනි අතපසුවිමක් සිදුවන විට පළමුව පන්දු යවන්නා විසින් පිතිකරුට අවවාදයක් ලබාදිම සිදුකරනු ලබනවා.

ඒ තවත් අවස්ථාවක පිතිකරුවා සීමාවෙන් පිටත රැදි සිටියහොත් ඔබව දුවද්දි දවා ගන්නවා යනුවෙනි. 

කෙසේ වුවත් ඊයේ තරගයේදි පන්දු යවමින් සිටි අශ්වින් විසින් ජොස් බට්ලර් හට එවැනි අවවාදයක් හෝ අනතුරු ඇගවිමක් සිදු කර නැති බවයි වාර්තා වන්නේ.

අශ්වින්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මේ වන විට වත්මන් හා හිටපු ක්‍රිකට් ක්‍රිඩකයින් විසින් දැඩි දෝෂදර්ශණයකට ලක් කර තිබෙනවා.

මීට පෙර 2014 වසරේදිද ජොස් බට්ලර්ව ශ්‍රි ලංකාවේ දග පන්දු යවන ක්‍රිඩක සචිත්‍ර සේනානායක විසින් "මෑන්කැඩ්" ක්‍රමයට දවා ගනු ලැබු අතර එයද දැඩි කතාබහකට ලක්වුවා.

කෙසේ වෙතත් ඊයේ තරගයෙන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම පරාජය කරමින් කිංග්ස් IX කණ්ඩායම ලකුණු 14ක ජය ගැනිමට සමත් වුවා.