Friday, April 19, 2024

General line - 0115112241

හමාස් සංවිධානයේ ප්‍රහාරයට ඊශ්‍රායලය දුන් පිළිතුර (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පලස්තිනයේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද රොකට් ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ගාසා තීරයේ පිහිටි ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ගාසා තීරයේ පිහිටි හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයාගේ කාර්යාලය සහ ඔවුන්ගේ බුද්ධි අංශ මුලස්ථානය තම ඉලක්ක අතර වු බවයි නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල් හමුදාව ප්‍රකාශ කර සිටියේ.

ඊශ්‍රායලයෙන් එල්ලවු ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙක් තුවාල ලබා ඇති බවයි පලස්තින සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටින්නේ.

ඊයේ (25) දිනයේදි හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරයක් ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව් හි පිහිටි නිවසක් මතට වැටිමෙන් එහි සිටි කුඩා දරුවන් දෙදෙනෙක් අතුළු පුද්ගලයින් 07 දෙනෙක් තුවාල ලැබුවා.

එම ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ගාසා තීරයේ ආරක්ෂාව තරකරන ලෙස අමෙරිකාවේ සංචාරයක නිරත වන අගමැති බෙන්ජමින් නෙතන්නියාහු ඊශ්‍රායල් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෙසේ වෙතත් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් හමුදාවේ ප්‍රහාරයෙන් පසුව යළි රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර එම ප්‍රහාරයන් උඩු ගුවනේදිම විනාශ කිරිමට ඊශ්‍රායල් මිසයිල ආරක්ෂක පද්ධතිය ක්‍රියා කළ අයුරු පහතින් දැක්වෙයි.