Saturday, April 20, 2024

General line - 0115112241

"ජනතාව පීඩා විඳින්නේ විදුලි බල ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් නැති ඇමතිවරු නිසයි"

හර්ෂිකා සංජීවනී




විදුලි අර්බුදයෙන් ජනතාව පීඩාවට පත්වුවද එය පාලකයින්ට සහ විදුලිබල මණ්ඩලයේ පාලනාධිකරියට වාසියක් බවට වෘත්තීය සමිති චෝදනා කරනවා.

ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේ ජනතාවට ඉදිරියේදී පැය 4 ක් නොව ඊට වඩා වැඩි කාලයක් අදුරේ සිටීමට සිදුවනු ඇති බවයි. 

එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ "විදුලි බල ක්ෂේත්‍රයට පත්වෙන ඇමතිවරයෙක් ඉන්නේ අවුරුදු දෙකයි තුනයි.. නැත්නම් හතරයි. ඒගොල්ලන්ට දැක්මක් නෑ.. ක්ෂේත්‍රය ගැන අවබෝධයක් නෑ. සැලැස්මක්වත් නෑ. මේ නිසා පීඩාවට පත්වෙන්නේ ජනතාවයි. හැම ඇමතිම කියන්නේ අඛණ්ඩ විදුලිය දෙනවයි කියලා.. හැබැයි අපි සහතික කරලා කියනවා.. ලබන වසරෙත් මේකම තමයි තත්ත්වය. මින් ඉදිරියට මීට වඩා වැඩි කාලයක් අඳුරෙ ඉන්න සිද්ධ වෙයි." යනුවෙනි.