Thursday, April 25, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් ටයිකොන්ඩෝ කලුපටි 05 වැනි ශ්‍රේණියට (PHOTOS)

හේමන්ත කහවලගේ




පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ට ටයිකොන්ඩො කලුපටි 05 වැනි ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමිවී තිබෙනවා.

ඊයේ (25) එම ටයිකොන්ඩො කලුපටි 05 වැනි ශ්‍රේණියේ ගෞරව සහතිකය මෙරට පිහිටි කොරියානු තනාපති කාර්යාලයේදී  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ට ප්‍රදානය කෙරුණා.

ඒ කොරියානු තානාපතිවරයාගේ අතින්. කොරියානු ලෝක ටයිකොන්ඩො මූලස්ථානය විසින් මෙය ප්‍රධානය කර තිබෙන අතර ඒ සඳහා එම මූලස්ථානයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී වුණා.