Friday, April 19, 2024

General line - 0115112241

කෘත‍්‍රීම වැසි ඇති කිරීමේ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවයි

රංජිත් රාජපක්ෂ - හැටන්




කාසල්රී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප‍්‍රදේශවලට කෘත‍්‍රීම වැසි ඇති කිරීම සඳහා ක‍්‍රියාත්මක කළ ‘‘රේන්ෆෝල් මිෂන්’’ නියමු ව්‍යාපෘතිය තාවකාලිකව නතර කර තිබෙනවා. කාසල්රී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප‍්‍රදේශවලට ඉහළ අහසේ වලාකුළු සහ ජල වාෂ්ප නොමැති වීම නිසා එම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කළ බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ. 

ගුවන් හමුදාවේ දායකත්වයෙන් එම ව්‍යාපෘතිය ඉකුත් 22 හා 23 යන දෙදින තුළ සාර්ථකව අත්හදා බලනු ලැබුවා. කෙසේවෙතත් මේ වනවිට වැසි නොලැබීම හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ඇතුළු විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම් සීඝ‍්‍රයෙන් පහත බැස ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.