Friday, April 26, 2024

General line - 0115112241

ගෝඨාභයගේ පෙත්සම මැයි 06 දක්වා කල් යයි

අධිකරණ වාර්තාකරු




ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් පසුගිය පෙබරවාරි මස 20 වනදා  ඩි.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාල නඩුව සම්බන්ධයෙන් ලබා දුන් නියෝගයක්  අත් හිටුවන ලෙසට ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කළ රිට් පෙත්සමක මැයි මස 6 දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (26) දින නියම කළා.

අධිකරණයේ වෙනත් නඩු විභාග කිරීමට ඇති බැවින් මෙම පෙත්සම කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය  කරන ලදී.

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කිරීමට අවසර ලබා දෙන ලෙසට ඔහු කළ ඉල්ලීම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය පෙබරවාරි මස 20 වනදා ප්‍රතික්ෂේප කරන ලදී. 

විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ  විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් එම නියෝගය අත් හිටුවන රිට් නියෝගයක් නිකුත් කරන ලෙසට ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

තවද මෙම රිට් පෙත්සමෙන් අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු කටයුතු අත් හිටුවන ලෙසට ද ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටියි .

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනා සහ නීතිපතිවරයා මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත.