Wednesday, April 24, 2024

General line - 0115112241

දිස්ත‍්‍රික්ක කිහිපයකට හෙටත් උණුසුම් කාලගුණයක් ගැන අනතුරු ඇඟවීමක්




වයඹ සහ බස්නාහිර පළාත්වලත්, මන්නාරම, වව්නියාව, මුලතිව්, අනුරාධපුර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලත් හෙට (27)  දිනයේ දැඩි උණුසුම් තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මෙම උණුසුම් කාලගුණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් දෛනික වැඩ කටයුතු සැලසුම් කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ. අධික උණුසුම හේතුවෙන් ඇති වන රෝගී තත්වයන්ගෙන් මිදීම සඳහා ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙනවා.