Tuesday, April 23, 2024

General line - 0115112241

චීනය, එයාර් බස් 300ක් මිලදී ගැනීමට සැරසෙයි

සමන්ත කුමාර




එයාර් බස් වර්ගයේ ගුවන් යානා 300ක් මිල දී ගැනීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා. ඉකුත් දා ප‍්‍රංශයේ සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප‍්‍රංශ ජනාධිපතිි එමානුවෙල් මැක්‍රෝන් අතර පැවති සකච්ජාවලදී මෙම එකඟතාව පළ වී තිබෙනවා. එම ගනුදෙනුවේ මුලූ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 34ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ. 

ඒ - 320 වර්ගයේ යානා 290ක් සහ ඒ - 305 වර්ගයේ ජෙට් යානා 10ක් චීනය විසින් එලෙස මිලදී ගැනීමට නියමිත බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.