Friday, March 29, 2024

General line - 0115112241

මිනිසුන් කළ වරදින් වනඅලින් ඇති කරගත් පුරුද්ද (PHOTOS)

හේමන්ත කහවලගේ




කන්තලේ සිට සේරුවාවිල දක්වා දිවෙන ප‍්‍රධාන මාර්ගය දෙපසට බැහැර කෙරෙන කසල ආහාරයට ගැනීමට වනඅලින් පුරුදු වී සිටිනවා. 

කසල සමග බැහැර කෙරෙන පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍ය ද වනඅලින් ආහාරයට ගැනීම හේතුවෙන් එම සත්ත්වයින් තර්ජනයකට ලක්ව ඇති බවයි බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන්නේ. 

මෙම ගැටලූව නෙත් නිවුස් වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ජේ. සී. සූරියබණ්ඩාරගේ අවධානයට යොමු කළා.

ඔහු සඳහන් කළේ මේ පිළිබඳව දැනුවත්ව ඇති නමුත් ආයතන කිහිපයක එකමුතුවෙන් මෙම ප්‍රශ්නයට විසඳුම් ගෙන ඒමට සිදුව ඇති බවයි.