Friday, March 29, 2024

General line - 0115112241

ඇමෙරිකානු තානාපතිවරිය හා යුධ හමුදාපතිවරයා අතර හමුවක් (PHOTOS)




ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය වන අලියානා බි ටැප්ලිට්ස් මහත්මිය ඊයේ (28) දින ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ ඇමෙරිකානු තානාපතිවරිය මෙරට වැඩ භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයා අතර සිදුවූ පළමු නිල හමුව මෙය වනවා.

මෙහිදී තානාපතිවරිය සහ යුධ හමුදාපතිවරයා විසින් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති අතර එයට උතුරේ ඉඩම් නිදහස් කිරීම, සංහිදියාව සම්බන්දයෙන් යුද හමුදාව සිදු කරනු ලබන වැඩපිළිවල ආදිය ගැන පැහැදිලි කිරීමක් සිදු කර ඇත.