Thursday, April 25, 2024

General line - 0115112241

ලසිත් මාලිංග මුම්බායි පිලට ජය ගෙනෙයි




ප්‍රධාන විනිසුරු අතින් සිදුවූ අතපසුවීමක් හේතුවෙන් වසර දෙකකට පසු පළමු වරට සහභාගි වූ අයි පී එල් තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය හිමිකර දීමට ලසිත් මාලිංග සමත් වුණා. ඊයේ රාති‍්‍රයේ පැවති තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ලකුණු 187 ක් රැුස් කළ අතර ප‍්‍රතිවාදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි. 

තරගයේ ජයග‍්‍රහණය සදහා බැංගලෝර් කණ්ඩායමට අවසන් පන්දු වාරයේදී ලකුණු 17 ක් රැස්කර ගත යුතු වූ අතර ලසිත් මාලිංග එම පන්දුවාරය කි‍්‍රයාත්මක කළා. අවසන් පන්දුවේදී ලකුණු 7 ක් ලබාගත යුතු වූ අතර මාලිංග යොමුකළ පන්දුවට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණයි. පසුව නිරීක්‍ෂණය කිරීමේදී දැකගත හැකි වූයේ එය නිපන්දුවක් බවයි. එහෙත් ප‍්‍රධාන විනිසුරු එය නිපන්දුවක් ලෙස නොදැකීම පසුව දැඩි කතා බහට ලක් වුණා.