Wednesday, April 24, 2024

General line - 0115112241

යුරෝපයෙන් ඉවත් වෙනවාද නැතිද ? බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තීරණාත්මක ඡන්ද විමසීමක්




බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තුවේ තීරණාත්මක ඡන්ද විමසීමක් අද පැවැත්වෙනවා. 

ඒ, බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන්. මීට පෙරද අගමැතිනිය අදාළ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් දෙවරක් පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලා සිිටි අතර එම අවස්ථා දෙකේදීම ඇයට අත්වූයේ පරාජයක්. 

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය කල් දමා ගැනීමටද ඉකුත්දා තීරණය කෙරුණා. බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අද සිට කි‍්‍රයාත්මකවීමටයි නියමිතව තිබුණේ. එහෙත් යුරෝපා සංගමයේ ප‍්‍රධානීන්ගේද අනුමැතියෙන් එය මැයි මස 22 වනදා දක්වා ඉකුත්දා කල් දැමුණා.