Saturday, April 20, 2024

General line - 0115112241

යොවුන්පුරේ දෙවැනි දිනය අදයි




හම්බන්තොට වීරවිලදී පැවැත්වෙන යොවුන්පුරයේ දෙවෙනි දවස අදයි (28).ඊයේ සවස විචිත්‍රවත් උත්සවයකින් ඇරඹුණු යොවුන්පුරයේ මෙවර තේමාව වන්නේ 'අනාගතය ඇරඹුනා' යන්නයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් යොවුන්පුර තරුණ තරුණියන්ගෙ බුද්ධිමය ආකල්ප වර්ධනය කිරීම උදෙසා තාරුණ්‍යය, නවෝත්පාදනය,ව්‍යවසායකත්වය යන කරුණු පදනම් කරගෙන විශේෂ වැඩමුළුවක්ද අද පවත්වනු ලැබූවා. 

මෙම අවස්ථාව සඳහා වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මැතිතුමා හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති  අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ සහභාගි වූ අතර යොවුන්පුරය ලබන 31 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.