Friday, April 26, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍යය මහ මැතිවරණයකට අත වනයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් එකගතාවකට එලඹිමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අපොහොසත් විම හේතුවෙන් ඉක්මන් මැතිවරනයක් කැදවිමට සිදුවෙනු ඇති බවට අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ඉගි පල කර තිබෙනවා. කෙසේවෙතත් අග‍්‍රාමාත්‍යවරියගේ එම ප‍්‍රකාශය හාස්‍යයට ලක් කරන විපක්ෂ නායක ජෙරමි කෝබින් පවසන්නේ අග‍්‍රාමාත්‍යවරිය ධූරය අත්හැරිම වඩාත් සුදුසු බවයි. එමෙන්ම මැතිවරණයක් සදහා  ඕනෑම අවස්ථාවකදි සහය ලබා දෙන බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

යුරෝපා සංගමයෙන් වෙන්විමට බි‍්‍රතාන්‍ය දැරූ තෙවන උත්සහයත් ව්‍යාර්ථ වුණේ එරට පාර්ලිමේන්තුවේදී එම යෝජනාව පරාජයට පත්වීම හේතුවෙන්.

යුරෝපයෙන් වෙන්විමේ හා අග‍්‍රාමාත්‍යවරිය විසින් ඊට අදාලව ඉදිරිපත් කල යොජනා වලට පක්ෂව මන්ති‍්‍රවරුන්් 286ක් සිය ඡුන්දය ලබාදුන් අතර මන්ති‍්‍රවරුන් 344 දෙනෙකු ඊට විපක්ෂව ඡන්දය ලබා දුන්නා. ඒ අනුව එම යෝජනාව පරාජයට පත්වුණේ වැඩි ඡන්ද 58 කින්. 

යෝජනාව පරාජයට පත්වීමෙන් පසු අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ පවසන්නේ සිව්වන අවස්තාවක් ලබා නොදෙන බවයි. ඒ අනුව කිසිදු එකගතාවයකින් තොරව එලඹෙන 12 වනදා බි‍්‍රතානය, යුරෝපා සංගමයෙන් වෙන්වනු ඇති බවටද වාර්තා පල වනවා. කෙසේවෙතත් මතුව ඇති අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්විම සදහා යුරෝපා සංගමයද ලබන 10 වනදා හදිසි හමුවක් කැදවා ඇතැයි සදහන්.