Friday, March 29, 2024

General line - 0115112241

ෆේස්බුක් ලයිව් පහසුකම සීමා කිරීමට සැරසෙයි




‘‘ෆේස්බුක් ලයිව්’’ හෙවත් ෆේස්බුක් ඔස්සේ කිසියම් සිද්ධියක් සජීවීව විකාශය කිරීම සම්බන්ධයෙන් සීමා පනවන බව ෆේස්බුක් සමාගම පවසනවා. 

එහි ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂර්ලි සැන්ඞ්බර්ග් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය සෑම කි‍්‍රයාමාර්ගයකම එළඹීමට ෆේස්බුක් සමාගම මේ වනවිටත් එකග වී ඇති බවයි. ඒ අනුව සමාජ සාරධර්ම උල්ලංඝණය වන අයුරින් සිදුවන කි‍්‍රයාකාරකම් පිළිබඳ ගවේෂණය කර එවැනි කි‍්‍රයා ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සජීවීව පැතිර යාමට ඇති හැකියාවන් සඳහා සීමා පනවන බවයි ෂර්ලි සැන්ඞ්බර්ග් වැඩිදුරටත් පැවසුවේ. 

ෆේස්බුක් සමාගම මෙම තීරණයට එළඹ ඇත්තේ නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නුවර පිහිටි ඉස්ලාම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර ඉකුත් දා එල්ල වුණු ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් අනතුරුවයි. එම ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරු විසින් ප‍්‍රහාරයන් එල්ල කරන අයුරු ෆේස්බුක් සමාජ ජාලය හරහා සජීවීව විකාශය කළා. ඉන් අනතුරුවයි ත‍්‍රස්ත කි‍්‍රයා හා වෙනත් සමාජ විරෝධී කි‍්‍රයා ප‍්‍රචාරය කිරීම වැළැක්වීමට පියවර නොගන්නා බවට ෆේස්බුක් සමාගම වෙත චෝදනා රැසක් එල්ල වුණේ.