Saturday, April 20, 2024

General line - 0115112241

දිමුත් කරුණාරත්න අත්අඩංගුවට




බිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල, කිංන්සි හොර්ටන් පෙදෙසේ දි මෙම රිය අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

දිමුත් කරුණාරත්න පැදවු කාර් රථය ත්‍රිරෝද රථයක ගැටි ඇති අතර අනතුරෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.

අද (31) දින අළුයම 5.15ට පමණ මෙම රිය අනතුර සිදුව තිබෙනවා.

කාර් රථයේ රියදුරු වූ දිමුත් කරුණාරත්න ඒ අවස්ථාවේ බීමත්ව සිට ඇති බවට අනාවරණය වී ඇති බවයි බොරැල්ල පොලිසිය සඳහන් කළේ.