Friday, April 26, 2024

General line - 0115112241

"අන්තර්ජාලයේ අන්තර්ගතය පාලනය කිරීමට රජයන් වගබලා ගත යුතුයි" - සකර්බර්ග්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අන්තර්ජාලයේ අන්තර්ගතය පාලනය කිරීමට නියාමන ආයතන හා රජයන් වගබලා ගත යුතු බව ෆේස්බුක් සමාගමේ හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසනවා.

සුප‍්‍රකට අමෙරිකානු පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එකවෙමින් ඔහු පැවසුවේ සමාජ සාරධර්ම සඳහා හානිවන අන්තර්ජාල අන්තර්ගතයන් නිරීක්ෂණය කිරීමේ වගකීම පමණක් සමාජ මාධ්‍ය ජාල සමාගම් සතුවන බවයි.

එවැනි හානිකර අන්තර්ගතයන් හා පෞද්ගලිකත්වය මෙන්ම දත්ත අඩංගු කිරීම සම්බන්ධයෙන් නව නීති පැනවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නුවර පිහිටි ඉස්ලාම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර ඉකුත් දා එල්ල වුුණු ප‍්‍රහාරයෙන් අනතුරුව සමාජ විරෝධී කි‍්‍රයා පතුරුවා හැරීම සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත චෝදනා රැසක් එල්ල වුණා. ඊට හේතුව වූයේ ක‍්‍රයිස්චර්ච් ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරු විසින් එම ප‍්‍රහාරය ෆේස්බුක් ඔස්සේ සජීවිව විකාශය කිරීමයි. මෙම සිද්ධියෙන් අනතුරුව 'ෆේස්බුක් ලයිව්' සීමා කිරීමට ද ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා.