Friday, April 19, 2024

General line - 0115112241

වස විෂ නැති කෘෂිකර්මය වඩාත් ප‍්‍රචලිත කළ යුතුයි - විපක්ෂ නායක

මහේෂ් චතුරංග




නෙත් එෆ් එම්, රේඩියෝ අනුග‍්‍රහයෙන් පැවැත්වුණු වස විෂ නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය අද (01) පස්වරුවේ අවසන් වුණා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවති මෙම ප‍්‍රදර්ශනය සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද අද සහභාගී වීම විශේෂත්වයක්. වස විෂ නැති කෘෂිකර්මය වඩාත් ප‍්‍රචලිත කළ යුතු බව විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා.
 

ශී‍්‍ර ලංකා ජාතික මහා සභාව සහ ශ‍්‍රී ලංකා කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමතිය එක්ව මෙම ප‍්‍රදර්ශනය සංවිධාන කෙරුණා. 

 

...................................................

වස විස නැති ආහාර සඳහා ජනතාව අතර උනන්දුවක් 

(01-04-2019 19:30)

වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය නිසා වස විස නැති අහාර පිළිබඳ ජනතාව නැවත වරක් උන්නදු වී ඇතැයි එම ප‍්‍රදර්ශනයට එක්ව සිටින ව්‍යාපාරිකයින් පවසනවා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. ශී‍්‍ර ලංකා ජාතික මහා සභාව සහ ශ‍්‍රී ලංකා කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමතිය එක්ව මෙය සංවිධානය කර තිබෙනවා.

වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශණය ඉකුත් 30වනදා ආරම්භ වුණා. මේ සඳහා නිල රේඩියෝ මාධ්‍ය දායකත්වය නෙත් එෆ් එම් රේඩියෝවයි.

......................................................

වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය නැරඹීමට අද දිනයේදී විශාල පිරිසක් 

(31-03-2019 18:55)

වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා අද දිනයේද විශාල පිරිසක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයට පැමිණියා. ප‍්‍රදර්ශනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ රටේ අනාගත පරපුර වසවිසෙන් තොර ආහාරවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා මෙවැනි ප‍්‍රදර්ශන අතිශය වැදගත් වනු ඇති බවයි.   

ශී‍්‍ර ලංකා ජාතික මහා සභාව සහ ශී‍්‍ර ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමූපකාර සමිතිය සංවිධාන කරන වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
 

..............................................

වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය හෙට දිනයෙන් අවසන් (PHOTOS)

(31-03-2019 13:21)

ශී‍්‍ර ලංකා ජාතික මහා සභාව සහ ශී‍්‍ර ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමූපකාර සමිතිය සංවිධාන කරන වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා ද අද (31) පැමිණියා.

මෙය පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේයි.  

ශී‍්‍ර ලංකා ජාතික මහා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුරලියේ රතන හිමියන් මෙම ප‍්‍රදර්ශනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය අභියෝග රැසක් මධ්‍යයේ සිදු කරන්නක් බවයි. මේ අවස්ථාවේ කථානායකවරයාගේ පැමිණීම අගය කොට සළකන බවද සඳහන් කෙරුණා.

ඉදිරි වසර 5ක කාලය තුළ රට වස විසෙන් තොර රටක් බවට පත් කිරීම සිය සිහිනය බවද සඳහන් කෙරුණා.

වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය හෙට (01) දිනය දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි.