Thursday, April 18, 2024

General line - 0115112241

ගැබ්ගෙන සිටි තල්මසෙකුගේ කුසෙහි තිබී ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 22ක් හමුවෙයි

දිනුක් හේවාවිතාරණ




ඉකුත් සතියේදී ඉතාලියේ සාර්ඩීනියාහි වෙරළ තීරයට ගොඩ ගසා තිබු අඩි 26 ක් පමණ දිගකින් යුත් මියගිය තල්මසෙකුගේ කුස තුල තිබී ප්ලාසිටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 22ක් සොයා ගැනීමට හැකිවූ බව එරට පරිසර අමාත්‍යවරයා අද (01) ප්‍රකාශ කර සිටියා. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මියගොස් සිටි තල්මසා ගේ කුස තුල තිබී මියගිය තල්මස් පැටවකුගේ සිරුරක්ද හමුවූ බවයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ඉතාලියේ පරිසර සංවිධානයක් පැවසුවේ මියගිය තල්මසාගේ සිරුරේ තිබී මසුන් ඇල්ලීමට යොදා ගන්නා දැල්, කසල බෑග්, ප්ලාස්ටික් ටියුබ් සහ රෙදි සෝදන සබන් දියර අලෙවි කරනු පොලිතින් පැකට් තිබු බවයි. ඇතැම් පොලිතින් පැකට් වල හඳුනා ගැනීමට යොදා ගන්නා බාර් කෝඩ් (සංකේත) පවා පැහැදිලිව දැකිය හැකි බව එම සංවිධානය සඳහන් කර සිටිනවා.

පසුගිය කාලය පුරා ලෝකයේ රටවල් ගණනාවකින් මිය යන ලද තල්මසුන් ගේ සිරුරූ තුල තිබී ප්ලාසිටික් ඇතුළු අපද්‍රව්‍ය හමුවීම නිසා පරිසරවේදීන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස ලෝක ප්‍රජාවගෙන් දැඩි ඉල්ලීමක් කරනු ලැබුවා. ඒ මුහුදට කසල බැහැර කිරීම සහ සමුද්‍ර දුෂණය වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි. සමුද්‍ර ජීවීන්ගේ කල්පැවැත්ම මේ හේතුවෙන් දිනෙන් දින දැඩි තර්ජනයකට ලක්ව ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.