Thursday, March 28, 2024

General line - 0115112241

අයස්කාන්තය වින්දනීයම ප්‍රසංගය වෙයි




නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කළ අයස්කාන්තය ප‍්‍රසංගය රසික සිත් පුබුදුවමින් ඊයේ (30) ගාල්ලේදී නිමාව දුටුවා. මෙම ප‍්‍රසංගය පැවැත්වුණේ කරාපිටිය වෛද්‍ය පීඨ ශ‍්‍රවණාගාරයේදීයි.

මහාචාර්ය කලෝ ෆොන්සේකා මෙහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණා. ඔහු පැවසුවේ අයස්කාන්තය ප‍්‍රසංගය මෑතකදී තමන් සහභාගි වූ වින්දනීයම ප‍්‍රසංගය බවයි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

අයස්කාන්තය ප‍්‍රසංගයට සහභාගිවූ රසිකයන් කිහිප දෙනෙකුද තමන් ලැබූ අත්දැකීම් පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වුවා. එහිදී ඔවුන් පැවසුවේ විරල ප්‍රසංගයක් ලෙස අයස්කාන්තය ජනතාව හඳුනාගෙන සිටින බවයි.

(ඔවුන් දැක්වූ අදහස් පහතින් අහන්න)

නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කළ අයස්කාන්තය පළමු ප‍්‍රසංගය කොළඹ නෙළුම්පොකුණ රගහලේදී පැවැත්වුණා. ගාල්ලේදී ඊයේ (30) පැවැත්වුණේ එහි දෙවැන්නයි. මෙම ප‍්‍රසංග දෙකේදීම සංගීතය මෙහෙයවනු ලැබුවේ වායෝ සංගීත කණ්ඩායමයි.

වායෝ සංගීත කණ්ඩායමේ නායක සංගීත් වීජේසූරිය පැවසුවේ සිය කණ්ඩායම සහභාගී නොවූවත් අයස්කාන්තය තවත් ඉදිරියට යායුතු බවයි.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

අමරසිරි පීරිස්, කීර්ති පැස්කුවෙල් සහ උමාරියා සිංහවංශ ඊයේ පැවති අයස්කාන්තය ප‍්‍රසංගයේදී ගීත ගායනා කරමින් රසික රසිකාවියන් අමානන්දයට පත් කළා.


මනස්කාන්ත අයස්කාන්තය අදයි

(Jul 30, 2016 @ 06:30)

නෙත් FM රේඩියෝව සංවිධානය කරන අයස්කාන්තය (The Magnet) සංගීත සන්ධ්‍යාවේ දෙවන පියවර අද(30) පස්වරු 7.00ට ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනවා.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකායි.

වායෝ සංගීත කණ්ඩායමේ unplugged සංගීතයට අමරසිරි පීරිස්,කීර්ති පැස්කුවෙල් සමග උමාරියා මෙහිදී ගීත ගායනා කිරීමට නියමිතව තිබෙනවා.

මෙහි පළමු පියවර පසුගිය වසරේ දෙසැම්බර් 11 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ දී පවත්වනු ලැබුවා.

සමන් අතාවුදහෙට්ටි මහතා අයස්කාන්තය (The Magnet) සංගීත සන්ධ්‍යාව ඉදිරිපත් කරන අතර මෙහි නිර්මාණ අධ්‍යක්ෂණය කරනු ලබන්නේ නෙත් FM හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නුවන් ලියනගේ මහතායි.

12308765_1077211972297207_2554567993570749438_n 12373317_1077211892297215_7155244823717176280_n aaaaa