Friday, April 19, 2024

General line - 0115112241

උණු දිය ළිං පිහිටි ප්‍රදේශයෙන් සෙල්ලිපියක් - ඉතිහාසයේ කරුණු කිහිපයක් ගැනත් අනාවරණයක්

අමදෝරු අමරජීව




තී‍්‍රකුණාමලය කින්නියා උණුදිය ළිං පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ තිබී කි‍්‍රස්තු පූර්ව 03වන සහ 04වන සියවස්වලට අයත් බවට සැකකෙරෙන පූර්ව බ‍්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපියක් හමුවී තිබෙනවා.

පිළිම ගෙය අසල කැනීම්වලින් එය සොයා ගන්නා අවස්ථාවේ සෙල්ලිපිය කොටස් 03කට කැඞී ගොස් තිබුණා.

එහි සිංහල පරිවර්තනවලින් ප‍්‍රකාශ වී ඇත්තේ ප‍්‍රදේශයේ ඇති වැව් 04කින් ලැබෙන දියබද්ද මෙම ස්ථානයේ සංඝයා වෙත පූජා කළ යුතු බවටයි.

එමගින් උණුදිය ළිං පිහිටි ස්ථානයේ සංඝයා වහන්සේ වෙනුවෙන් ආරාමයක් තිබූ බවට ඔප්පු වන බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.