Saturday, April 20, 2024

General line - 0115112241

සමලිංගික කටයුතුවලට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකු ගල් ගසා මරා දැමීමට හැකිවන පරිදි නීති

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සමලිංගික කටයුතුවලට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකු ගල් ගසා මරා දැමීමට හැකි වන පරිදි ආසියානු රටක් වන බෲනායි රාජ්‍යය අද (03) සිට දැඩි නීති මාලාවක් හඳුන්වාදී තිබෙනවා.

බෲනායි රාජ්‍යය තුළ සමලිංගිකයින් ලෙස හැසිරුණු බවට ඔප්පු වූ පුද්ගලයින් හට මේ වනවිටත් වසර 10ක සිරදඬුවමකට යටත් වීමට සිදුවනවා. 

එහෙත් සමලිංගික කි‍්‍රයා සඳහා එම දඬුවම ප‍්‍රමාණවත් නොමැති බවත්, සිය රට තුළ ඉස්ලාමීය නීතිය දැඩිව කි‍්‍රයාත්මක විය යුතු බවත් බෲනායි රාජ්‍යයේ සුල්තාන් හසනාල් බෝල්කේ පවසනවා.

ඒ අනුවයි ඔහු මෙම නව නීති මාලව කි‍්‍රයාත්මක කර ඇත්තේ.

මීට අමතරව සොරකම් සඳහා වරදකරුවන් වන පුද්ගලයින්ගේ අත් පා කපා දැමීමද නව නීතිමාලාවට අනුව සිදුවන බව සඳහන්. 

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙම නව නීතිමාලාවට විරෝධය පළ කර තිබෙනවා.