Saturday, April 20, 2024

General line - 0115112241

ජාතික තලයේ සියලූ කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට

තරංග රුක්ෂාන් ජයසේකර




ජාතික තලයේ සියලූ කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, හෙට (04) ආරම්භ වන පළාත් කි‍්‍රකට් තරගාවලිය අතරතුරයි.

එහිදී කිසියම් කී‍්‍රඩකයෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වුවහොත් දැඩි පියවර ගැනීමටයි කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ. 

බීමතින් රිය පදවා අනතුරක් සිදු කළ ශ‍්‍රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් නායක දිමුත් කරුණාරත්නට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය රුපියල් ලක්ෂ 13ක දඩයක් පැනවීමට ද තීරණය කළා.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ සියලූ කී‍්‍රඩකයින්ට දැඩි පණිවිඩයක් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. ලෝක කුසලානයක් වැනි තීරණාත්මක කඩ ඉමක් ඉදිරියේ මෙවැනි සිද්ධීන් කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ඔහු අවධාරණය කර තිබෙනවා.