Saturday, April 20, 2024

General line - 0115112241

තවත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුට ICC යෙන් දුෂණ චෝදනා

ඩිල්ෂාන් මඩවල




හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන දිල්හාර ලොකුහෙට්ට්ගේට එරෙහිව අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය චෝදනා 3 ක් ගොණු කර තිබෙනවා. ඒ, අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති සංග‍්‍රහයේ වගන්ති 3 ක් යටතේයි. 

මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කි‍්‍රකට් ආයතනයද දිල්හාර ලොකුහෙට්ටිගේ වෙත මීට සමාන චෝදනා ගොණු කළා. අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය මෙවර චෝදනා ගොණුකර ඇත්තේ ඊට අමතරවයි. මෙම චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරිමට දිල්හාර ලොකුහෙට්ටිගේ වෙත දින 14 ක කාලයක් ලබාදී තිබෙනවා.