Friday, March 29, 2024

General line - 0115112241

කඩුලු 7ක් දවා ගනිමින් මාලිංග ගාල්ල කණ්ඩායමට ජය ගෙන දෙයි

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් පළාත් එක්දින තරගාවලියේ අද (04) පැවති ගාල්ල සහ මහනුවර පළාත් අතර තරගයෙන් ලකුණු 156ක ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය. එහිදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 7ක් දවා ගැනීම විශේෂත්වයක්.

කාසියේ වාසිය දිනු මහනුවර කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුලදී සියළු ක්‍රීඩකයින් දැවී ලකුණු 255ක් ලබා ගනු ලැබුවා.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් සදුන් වීරක්කොඩි ලකුණු 56ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 65ක් රැස් කර ගනිමට සමත් විය. මහනුවර කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූ කසුන් රාජිත සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුළු 03 බැගින් දවා ගන්නා ලදී.

ලකුණු 256ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මහනුවර කණ්ඩායමට ලසිත් මාලිංගගේ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 99ක් පමණි. ලසිත් මාලිංග විසින් මෙහිදී මහනුවර කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනෙක් ලකුණු 49කට දවා ගනු ලැබුවා. 

මහනුවර කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුයේ නායක දිමුත් කරුණාරත්නය. ඔහු නොදැවී ලකුණු 35ක් රැස් කිරීමට සමත් විය.