Saturday, April 20, 2024

General line - 0115112241

JASTECA 2018 සම්මාන උළෙලේදී ශී‍්‍ර ලංකා ටෙලිකොම් සම්මාන 6ක් දිනාගනි




ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සැපයුම්කරු ශී‍්‍ර ලංකා ටෙලිකොම්, JASTECA 2018 සම්මාන උළෙලේදී සම්මාන 6ක් දිනාගන්නට සමත් විය. රත්මලාන ප‍්‍රාදේශිය ටෙලිකොම් කාර්යාලය  'Taiki Akimoto 5S' කුසලතා සම්මාන දිනාගත් අතර වසර 160ක ශී‍්‍ර ලාංකිකයන්ගේ යහ පැවැත්ම උදෙසා වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනික සමාජීය වගකීම් "CSR" ව්‍යාපෘතිය ආයතනික සමාජීය වගකීම් තිරසාර සම්මාන අංශයෙන් කුසලතා සම්මාන හිමිකරගත්තේය. 

මේ අතර හැව්ලොක් ටවුන්, මරදාන, කෝට්ටේ සහ කොම්පඤ්ඤ වීදිය ප‍්‍රාදේශීය ටෙලිකොම් කාර්යාලද එහිදී අනුකූලතා සහතිකවලින් පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල මෙවර සංවිධානය වූයේ අඛණ්ඩ 23 වැනි වරටය. 

JASTECA සම්මාන උළෙල යනු ජපාන-ශී‍්‍ර ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමය විසින් ආයතනයන්හි සමස්ත කාර්යසාධන විශිෂ්ටත්වය ඇගයීමට ලක්කිරීම සඳහා වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්මාන උළෙලකි. 

පසුගිය වසරවලදී මෙන්ම 2018 සම්මාන උළෙල සඳහාද ආයතන රාශියක් සහභාගි වූ අතර 'Taike Akimoto 5S' තරගාවලිය 'Nagaaki Yamamoto kaizen' තරගාවලිය සහ ‘ඉයන් ඩයස් අබේසිංහ අනුස්මරණ ආයතනික සමාජීය වගකීම් තිරසර සම්මාන' යන අංශ තුනෙන් ජයග‍්‍රාහකයන් තෝරාගැනුණි.