Saturday, April 20, 2024

General line - 0115112241

බෲනායි රාජ්‍යයේ නව නීති වලට ජාත්‍යන්තරයෙන් විරෝධයක්




බෲනායි රාජ්‍ය විසින් සමලිංගිකයන්ට මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ගෙන ආ නව නීතිවලට එරෙහිව විවිධ පාර්ශවවලින් විරෝධතා එල්ල වනවා. 

ලොව ප‍්‍රමුඛ පෙළේ සමාගම් සහ ආයතන රැසක් බෲනායි රාජ්‍යයට හා එහි පාලකයාට හිමි ව්‍යාපාරික ආයතන සමග ගනුදෙණු කිරීම නතර කිරිමටයි මේ වනවිටත් පියවර ගෙන ඇත්තේ. 

බෲනායි රාජ්‍ය විසින් පැනවූ නව නීතියට එරෙහිව ලොව ප‍්‍රකට පුද්ගලයන්ද විරෝධය පළ කර ඇතැයි සදහන්. බි‍්‍රතාන්‍යයේ සර් එල්ටන් ජෝන්, අමෙරිකානු ජනපි‍්‍රය නිවේදිකාවක් වන එලන් ඩිජේනරස් ඇතුළු ජනපි‍්‍රය චරිත රැසක් ඒ අතර සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.