Friday, April 19, 2024

General line - 0115112241

මාලිංගගේ පිලෙන් මැතිව්ස්ගේ පිලට දැවැන්ත ඉලක්කයක්

කසුන් කැලුම්




සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය රන්ගිරි දඹුළු කී‍්‍රඩාංගනයේදී දැන් පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ලසිත් මාලිංග නායකත්වය දරණ ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුළු 08ක් දැවී ලකුණු 345ක් රැස් කිරීමට සමත්වුණා.

එහිදී ලහිරු තිරිමාන්න ලකුණු 82ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 89ක් රැස් කළා.

මිලින්ද සිරිවර්ධන පන්දු 44කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 65ක්. ලකුණු 346ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය ලබා දෙන දඹුල්ල කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 08ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 33ක්.