Friday, March 29, 2024

General line - 0115112241

මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා හමුදාව එවන බවට පිලිපීන ජනපතිගෙන් චීනයට තර්ජනයක්

දිනුක් හේවාවිතාරණ




සිය රටට අයත් දුපත ආසන්නයේ සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නතර නොකරන්නේ නම්, "මරාගෙන මැරෙන" මෙහෙයමුක් සඳහා සිය හමුදා භට කණ්ඩායම් එවීමට තමන් කිසිවිටක පසුබට නොවන බව පිලිපීන ජනාධිපති රෝඩ්රිගෝ ඩුටර්ටේට චීනයට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඔහු මේ බව කියා සිටියේ පල්වාන් ප්‍රාන්තයේ රැළියක් අමතමින්ය.

පිලිපීන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ චීනයට අයත් යාත්‍රා සහ නැවි 275කට අධික ප්‍රමාණයක් පසුගිය මාසයකට ආසන්න කාල සීමාව තුලදී පිලිපීනයට අයත් දුපත් සමුහයෙන් එක් දුපතක් වන Thitu දුපත වෙතට පැමිණීම හේතුවෙන්.

" අපි මිතුරන් සේ ඉදිමු, මොනයම් හේතුවක් නිසා හෝ පැසගා දුපත හෝ වෙනත් දුපතකට ඇතුල් නොවන්න කියා දැනුම් දෙනවා. නමුත් ඔබලා මෙය නොපිළිගෙන එම දුපතට ඇතුල්වන්නේ නම් මම මගේ සොල්දාදුවන්ට දැනුම් දෙනවා මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා සුදානම් වන්න කියා", පිලිපීන ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

දකුණු දිග චීන මුහුදේ ඇතිවී තිබෙන චීනයේ බහුල නාවික මෙහෙයුම් ඇතුළු ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට එම මුහුදු කළාපය පිලිබදව ලොවපුරා අවධානය යොමුවී තිබෙනවා. චීනය සහ පිලිපීනය අතර මුහුදු සීමාව සම්බන්ධයෙන් පවතින්නේද දැඩි මතවාදී තත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීනය විසින් දිගින් දිගටම සිය මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හා දුපත් ආසන්නයට නැව් සහ බෝට්ටු එවීමෙන් තම රටේ ස්වෛරීභාවයට හා ඒකීයත්වයට පහර එල්ල කරන බව පිලිපීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.