Friday, March 29, 2024

General line - 0115112241

දේශපාලන කුමන්ත්‍රණ ගැන ජනපති පොළොන්නරුවේ දී පහදයි (UPDATE)




නිල මෙහෙවර ජාතික ජංගම සේවයේ සමාප්ති උත්සවය පොළොන්නරුවේදී අද (30) පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැතිඇමතිවරු රැසක් එක්ව සිටියා.

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නිල මෙහෙවර ජාතික ජංගම සේවය මෙලෙස ක්‍රියාත්මක වුණා.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ දේශපාලන කුමන්ත්‍රණ මගින් මේ රජය පරාජය කළ නොහැකි බවයි.

වසර පහක කාලයක් රජයේ පැවැත්ම ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාප්ති උත්සවය අමතමින් සඳහන් කළේ පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය සංවර්ධනය සඳහා කඩිනමින් කටයුතු කරන බවයි.

ත්‍රිකුණාමලය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීම සිංගප්පූරුවට බාර කර ඇති බව ද අගමැතිවරයා එහිදී සඳහන් කළා.

මෙහිදී අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ මෙම ජංගම සේවය ඉදිරියේදී සෙසු දිස්ත්‍රික්කවල ද සංවිධාන කරන බවයි.

නිල මෙහෙවර ජාතික ජංගම සේවය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි.

d1d2 j1 j2 j3 j5

c1c221 22


පොළොන්නරුවේ නිල මෙහෙවර අදින් අවසන්

Jul 30, 2016 @ 07:22

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක නිල මෙහෙවර ජාතික ජංගම සේවයේ සමාප්ති උත්සවය අද(30) පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන්.

නිල මෙහවර ජංගම සේවය යනු නිලධාරීන් මඟින් ජනතාවට ඉටුකරන සේවයක් බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට අදාළ ඉඩම් ගැටලු රැසක් තිබූ අතර මෙම ජංගම සේවා මඟින් ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හරහා ජනතාවට තම ඉඩම් ගැටලු නිරවුල් කර ගැනිමට මහඟු අවස්ථාවක් උදා වූ බවයි පැවසෙන්නේ.

නිල මෙහෙවර ජාතික ජංගම සේවය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි.

8 9 10 11 14 15 17

13672413_10210224068984486_718750925_n 13672606_10210224070264518_2013465017_n 13874548_10210224069944510_585058169_n 13874599_10210224069144490_874034280_n 13900420_10210224069304494_307990220_n