Friday, March 29, 2024

General line - 0115112241

ඊජිප්තුවේ සොහාග් නගරයෙන් අලංකාර සොහොන් ගැබක් හමුවෙයි (PHOTOS)

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




නයිල් නදියට මායිම්ව පිහිටි ඊජිප්තුවේ සොහාග් නගරයෙන් භූගත අලංකාර සොහොන් ගැබක් හමුවී තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ කෞතුක භාණ්ඩ සොයා අනවසර කැනිම් කළ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම සොහොන් ගැබ හමුවී ඇති බවයි.

සොහොන් ගැබේ බිත්ති, ඉතා අලංකාරවත් වර්ණයන් භාවිතයෙන් නිර්මාණය කළ සිතුවම් වලින් පිරීපවතින බවයි ඊජිප්තුවේ පුරාවස්තු නිලධාරීන් පවසන්නේ.

ඒ තුළ ඉදිකර තිබූ රහසිගත කුටියක් තුළ තිබී වසර 2000ක් පමණ ඉපැරණි මමී 03ක් ද හමුවූ බව සඳහන්.

එම මමී මීට වසර 2000කට පමණ පෙර ඊජිප්තුවේ ඉහළ නිලතල දැරූ ටුටූ නම් නිලධාරියෙකු සහ ඔහුගේ බිරිඳගේ බවටයි පර්යේෂකයින් සැක පළ කරන්නේ. එම මීමී සමග ඔවුන්ගේ පුත‍්‍රයාගේ බව සිතිය හැකි වයස අවුරුදු 12ක පමණ වන දරුවෙකුගේ මමියක් ද වන බව විදෙස් මාධ්‍යවල දැක්වෙනවා. 

මෙම මමී අසලින්ම අමතරව මමී ලෙස සකස් කළ මියගිය පූසන්, මීයන් සහ කුරුල්ලන්ගේ සිරුරු විශාල ප‍්‍රමාණයක්ද හමුවී තිබෙනවා.

ඒවාද වසර 2000ක් පමණ ඉපැරණි වුවත් තවමත් සජීවී සතුන්ගේ ප‍්‍රමාණයෙන්ම පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ.