Thursday, April 25, 2024

General line - 0115112241

ICC චෝදනාවට හේතු වූ දුරකතනයේ තිබූ පණිවුඩය ගැන දිල්හාර කතා කරයි

කසුන් කැළුම්




ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් තමන්ට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරි සතියේදී එම කවුන්සිලය හමුවේ කරුණු දක්වන බව හිටපු තුන් ඉරියව් කී‍්‍රඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසනවා.

ඔහුට එරෙහිව ඉකුත් දා චෝදනා 03ක් ගොනු කෙරුණු අතර එම චෝදනා සඳහා නිදහසට කරුණු දැක්වීමට එම කවුන්සිලය විසින් ඉකුත් 04වැනිදා දින 14ක කාලයක් ලබා දුන්නා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ටී ටෙන් තරගාවලියේදී දිල්හාර ලොකුහෙට්ටිගේ සිය කවුන්සිලයේ දූෂණ මර්ධන පනතේ වගන්ති 03ක් උල්ලංඝණය කර ඇති බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පැවසුවේ. 

මුදලට තරග පාවාදීම, ඒ සඳහා උපක‍්‍රම යෙදීම හෝ වෙනත් අයෙකු එවැනි කි‍්‍රයාවක් සඳහා පෙළඹවීම ඔහුට එරෙහිව ඇති එක් චෝදනාවක්. තමන්ට එල්ල වී ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියාවේ සිට දිල්හාර ලොකුහෙට්ටිගේ නෙත් ස්පෝට්ස්මන් වෙත  අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ "මම කිසිම තරගයක් පාවාදීමක සම්බන්ධ නෑ. මගේ ෆෝන් එකත් ඒගොල්ලො අරගත්තා. දවස් දෙකකට පස්සේ මට ආපසු ෆෝන් එක දුන්නා. ඒ ෆෝන් එකේ මැසේජ් එකක් තිබ්බා.. 'මල්ලි වැඩේ හරියන්නේ නෑ.. මම ඕස්ට්‍රේලියාවට යනවා.'  කියන මැසේජ් එක හින්දා තමයි ඒගොල්ලො මේ දෙවැනි චෝදනාව මට දාලා තියෙන්නේ." යනුවෙනි. 

තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් දැක්වෙයි.