Friday, March 29, 2024

General line - 0115112241

උතුරු කොරියාවේ මැරතන් තරගයකට වාර්තාගත තරගකරුවන් පිරිසක්

තරංග රුක්ෂාන් ජයසේකර




උතුරු කොරියාවේ පැවැත්වෙන වාර්ෂික ලෝක ප්‍රකට මැරතන් තරගය සඳහා මෙවර වාර්තාගත විදෙස් ක්‍රීඩකයින් පිරිසක් සහභාගී වී තිබෙනවා. ඉකුත් වසරේ මෙම තරගයට එක්වූ විදෙස් ක්‍රීඩකයින් ගණන 450ක්.

අද (07) පැවති මෙම වසරේ තරගය සඳහා විදෙස් ක්‍රීඩකයින් 900ක් සහභාගී වී තිබෙනවා. ඒ අතරට අමෙරිකානු ක්‍රීඩකයින් රැසක් ද අයත්. උතුරු කොරියාව සහ බටහිර ඇතැම් රටවල් අතර ඉකුත් සමයේ පැවති මතභේදාත්මක තත්වය මේ වනවිට සමථයකට පත්වීම මෙම තත්වයට හේතුවයි.  

උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ ජන්ම සංවත්සරයට සමගාමීව වාර්ෂිකව මෙම මැරතන් තරගය සංවිධාන කෙරෙනවා.